Posts

How to Write a Good Love Story | Muthu's Writings # 01

Image
7 Simple Tips for Beginners Introduction Love stories have always been among the most beloved forms of fiction. Whether they appear in novels, short stories, movies, or television dramas, romance has the unique ability to touch people's hearts. A well-written love story can make readers laugh, cry, hope, and remember its characters long after they have finished reading the final page. Many beginner writers believe that writing a romance is easy because it is simply about two people falling in love. In reality, a memorable love story requires much more than romance. It needs believable characters, emotional depth, meaningful conflict, realistic dialogue, and a satisfying ending. Readers want to experience the journey, not just the destination. If you dream of becoming a novelist or simply want to improve your storytelling skills, this guide will help you understand the essential elements of writing an unforgettable love story. Here are seven practical tips that every beginner should...

ලේලිගේ දිනපොත - 34 : නැන්දම්මගේ විවාහ මෙහෙයුම

Image
 විවාහ යෝජනා  නංගිගේ ආගමනය අද දවල් මගේ නංගි හදිස්සියෙ එයාගේ හොඳම යාළුවෙක්  එක්ක අපේ ගෙදර ආවා මේ ලග  එයාලගෙ  යාලුවෙකුගෙ ගෙදර මළගෙදරකට ආපු ගමන්. දෙන්නම ආවේ පොඩි කතාවක් කරලා, තේ ටිකක් බීලා මොනව හරි කාල, පැය දෙකක් විතර ඉඳලා යන්න හිතාගෙන.  නංගි ඇතුළට ආව ගමන්,“අක්කේ, තේ එකක් හදලා දෙන්නකෝ.” කියලා සාලේ වාඩි වුණා.මම කුස්සියට යන්න හදනකොටම නැන්දම්මා සාලෙට ආවා. එයා නංගිව දැකලා, “අනේ දුවේ, ආවද? කොච්චර කාලෙකින්ද!” කියලා හරි ආදරෙන් පිළිගත්තා. ඊට පස්සේ නංගිගේ යාළුවා දිහා බැලුවා. “මේ දුවත් ඔයාගේ කැම්පස් එකේ යාළුවෙක්ද?” කියල ඇහුව. “ඔව් ඇන්ටි, මේ ඉන්නෙ සෙව්මි මගෙ කැම්පස් එකේ හොදම යාලුවෙක්” කියල කිව්ව. “අනේ හොඳයි හොඳයි. ඉතින් මොකද අද දෙන්නම හදිස්සියෙන් මෙහෙ” කියල නැන්දම්ම අහද්දි… “මේ ටිකක් ලග ඉන්න අපේ යාලුවෙකුගෙ අම්ම නැතිවෙලා ඒ මළගෙදරට ආව ඇන්ටි” කියල නංගි කියද්දි,  “අනේ සංසාරේ” කියපු නැන්දම්ම නංගිල ලගින්ම ඉදගෙන කතා කරන්න ගත්ත.මම තේ හදන්න කුස්සියට ගියා.මට සාලෙන් නැන්දම්මාගේ හඬ ඇහෙනව. මට තේරුනා අද නැන්දම්ම මෙයාල දෙන්නත් එක්ක අද මොකක් හරි මැච් එකක් ගහනව කියල. යෝජනා කිරීම...

ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්

Image
නීති උපදෙස් පැතීම නැන්දම්මගෙ නිරීක්ෂණය  දැන් දවස් තුනහතරකට ඉස්සරින් මගෙ හොදම යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා මගෙන් නීති උපදෙසක් බලාපොරොත්තු වුනා.  ඉතින් මම එයත් එක්ක කතා කලේ ගෙදරදි සාලෙ ඉදගෙන. මම දැක්ක නැන්දම්ම මම කතා කරනව  බොහොම උනන්දුවෙන් බලන් ඉන්නව. මම යාලුවත් එක්ක කතා කරල ඉවර වුනාම නැන්දම්ම මගෙ ලගට ඇවිල්ල ඇහුව, “ආ දුවේ, දැන් දුවේ ඔය ඕන කෙනෙකුගෙ ප්‍රශ්න වලට නීතියෙන් උත්තර තියනවද” කියල  “ඔව් අම්මෙ ඉතින් ගොඩක් දේවල් නීතියෙන් විසදගන්න පුලුවන්” කියල මම උත්තර දුන්න. යෙහෙළියන්ගේ පැමිණීම  අද මම ගෙදර ඉදල වැඩ කරන දවසක්.දවල් මම වැඩ කර කර ඉන්නකොට මට ඇහුන ගෙදරට කවුරු හරි ආව කියල.  ටික වෙලාවකින් කාමරේ දොරට ගගහ නැන්දම්මා “දුවේ දුවේ පොඩ්ඩක් එලියට එන්නකො” කියල කිව්ව. එළියට ඇවිත් බලද්දි නැන්දම්මාගේ යාළුවෝ දෙන්නෙක් පුටුවල වාඩිවෙලා ඉන්නව. “දුව අදුරනවනෙ මේ මගෙ යාලුවො දෙන්නෙක්. එයාල ඇවිල්ල ඉන්නෙ දුවව හම්බුවෙන්න” කියල නැන්දම්ම කියනව. “මාව ඒ මොකටද??” කියල හිනාවෙලා මම ඇහුවෙ නැන්දම්ම ඒ ගමන සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල හිතන ගමන්. ඊට පස්සෙ නැන්දම්මා හරි ආඩම්බරයෙන් “මේකයි දුවේ, ම...

ලේලිගේ දිනපොත - 32 : සෝපාව

Image
අත්‍යාවශ්‍ය වූ සෝපාව ප්‍රතික්ෂේපය නැන්දම්මගෙ ඉමහත් ඉල්ලීමට ආයෙත් අලුත් ටීවී එක ගෙනල්ල සාලෙ හයි කලා.ඊට පස්සෙ ප්‍රශ්නෙ වුනේ එතන ටීවී බලන්න තිබුන සෝෆා එක. ඒක ගොඩක්ම පරණයි. මම මීට ඉස්සරිනුත් ඒක අයින් කරල අලුත් එකක් ගම්මු කිව්වම, නැන්දම්ම මං මහ අපරාධයක් කරන්න කතා කලා වගේ අතීතකාමය ඉස්සරහට දාගෙන ඒ සෝෆා එකේ ජාතකේ කියන්න ගත්ත 😠 මට දැන් ටීවී එක එතන තිබ්බම සැපට වාඩිවෙලා ටීවී බලන්න වෙන සෝෆා එකක් ගන්න හොදටම උවමනාව තිබුනත් මම කට වහගෙනම හිටිය. ඇදවෙච්ච සෝෆා එකේ හරිම අමාරුවෙන් ඉදගෙන නැන්දම්ම ටීවී එක බල බල හොරැහින් මගෙ දිහාත් බල බල ඉන්නව මේසෙ වැඩක් කර කර හිටිය මම දැක්ක. ඔය ඉරියව්ව නම් නැන්දම්ම මොකක් හරි මැච් එකකට ලෑස්ති වෙන එකක් කියල මම හොදටම දන්නව. මමත් හොද ඉනිමකට ලෑස්ති පිට හිටියෙ. ඊට පස්සෙ ටික වෙලාවකින් නැන්දම්ම හරිම සුන්දර කටහඩකින් මට කිව්ව…….. “දුවේ, මේ සෝෆා එක දැන් නම් අයින් කරන්න ඕනේ නේද? දැන්නම් මේකෙ ඉදගෙන ඉන්න හරි අමාරුයි” කියල. එතකොට මම කිව්ව  “ඇයි අම්මේ? තාම ඉඳගන්න පුළුවන්නේ.” කියල  “ඉඳගන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ හරි කඩාගෙන වැටුණොත්?” කියල නැන්දම්ම කියද්දි විහිලුවෙන් කිව්ව...

The Lives of Famous Writers Behind the Books - 01: J.K. Rowling

Image
 Introduction Few authors have inspired aspiring writers as much as J.K. Rowling. Her name is now linked with one of the most successful book series in history, Harry Potter. However, behind this remarkable success lies a story of perseverance, determination, and hope. Many people see only the fame and fortune she enjoys today. What they often don't realize is that Rowling faced years of hardship before achieving success.  She experienced financial struggles, personal difficulties, and numerous publishing rejections. Instead of giving up, she continued writing because she believed in her story. Her journey reminds us that success rarely happens overnight. It is usually built through patience, resilience, and an unwavering belief in one's dreams. Childhood and Love for Stories Joanne Rowling was born on 31 July 1965 in Yate, Gloucestershire, England. From an early age, she developed a deep love for books. Reading became one of her favorite hobbies, and she soon started creating...

ලේලිගේ දිනපොත - 31 : නැන්දම්මාගේ සිහිනය

Image
 සිහිනය සිහිනයේ අරුත අදත් නිවාඩු දවසක්. ගොඩක් නිවාඩු දවස් වලට වගේම අදත් ඇහැරුනේ නැන්දම්මගෙ විකාරයකින්ම තමයි.  නැන්දම්ම උදෙන්ම මහ හයියෙන් දොරට ගහන්න ගත්ත.අදත් මෙයා උදෙන්ම මැච් එකක් පටන් ගන්න වගේ යන්නෙ කියල හිතපු මම  නැගිටල දොර අරිද්දිම නැන්දම්ම මහ සද්දෙන් “අනේ පුතේ මට දැන්ම පොඩි දුවලෑ ගෙදර යන්න ඕන. මම මහ නරක හීනයක් දැක්ක”  කියාගෙන මාවත් තල්ලු කරගෙන මහත්තය ලගට ගියේ වේග පන්දුවක් දාන්න යන ක්‍රීඩකයෙක් වගේ. මහත්තය නැගිටගෙන එලෝ මෙලෝ නැතුව බලාගෙන ඉන්නකොට නැන්දම්ම මහත්තය දිහා බලාගෙන ආයෙත් ඉස්සරින් කියපු එකම  කිව්ව. “හරි හරි අම්මෙ, ඉතින් කළබල නැතුව ඉන්නකො. හීනෙකට බොරුවට බයවෙන්න ඕනයෑ. කෝල් එකක් දීල කතා කරන්නකො පොඩ්ඩක් අම්ම පොඩි අක්ක එක්ක” කියල මහත්තය කියද්දි “කතා කරල හරියන්නෙ නැහැ පුතේ, මට දැන් එහෙ යන්න ඕනෙ. මට ත්‍රීවීල් එකක් කතා කරල දෙන්න. මම ලෑස්ති වෙන්නම්”  කියල නැන්දම්මා එක හඩින් කියාගෙන ඉන්නව. ඊට පස්සෙ මහත්තය මගෙ දිහා බලල  “බබා එහෙනම් ඔයත් ලෑස්ති වෙන්න. අපි අම්මව අක්කලගෙ ගෙදරින් දාල එන ගමන් කොහෙන්හරි උදේට කෑමත් කාල ගෙදරට බඩු වගයක් අද ගන්න ඕන කිව්වනෙ ඒවත් අරග...

නීපා - කදුළු කැටයම - Episode 02 : සාක්ෂි සටහන් කරගැනීම

Image
සාරාංශය : මෙම කථාංගය ආරම්භ වන්නේ නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නීපා නැමැති තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ සහ සාක්ෂි සටහන් කරගැනීමත් සමඟයි.  වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ පොලිස් වාර්තාවලට අනුව නීපාගේ මරණය සිදුව ඇත්තේ දහවල් 11:00 ත් 12:30 ත් අතර කාලය තුළදීය.  ඇය මියගිය දින උදෑසන කාලයේදී ඇය පදිංචිව සිටි ස්ථානයට ඇගේ පෙම්වතා වන කලිඳු, හොඳම යහලුවෙක් වන විහාන් නමැති අයද පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වේ. ​මහනුවර පදිංචි 47 හැවිරිදි චාරුණී දසනායක මහත්මිය වන නීපාගේ මව, පොලිස් පරීක්ෂක රමේෂ් වික්‍රමනායක මහතා ඉදිරියේ සිය සාක්ෂිය ලබා දෙයි.  ඇය පවසන්නේ කොළඹ බෝඩින් වී අධ්‍යාපනය හැදෑරූ නීපා සමඟ ඇගේ හොඳම යෙහෙළිය වන සුෂ්මා මෙන්ම තවත් නීති විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන තරුණියන් දෙදෙනෙකු පදිංචිව සිටි බවයි. ​සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රී 10:06 ට නීපා තම මවට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 8 ක පමණ වේලාවක් කතාබහ කර තිබේ.  එහිදී ඇය තමාට සුළු හෙම්බිරිස්සාවක් සහ කැස්සක් ඇති බවත්, ඖෂධ ලබාගෙන ඉක්මනින් නිදාගන්නා බවත් මවට පවසා ඇත. එ...